May 04, 2024

කතකගේ උදරයෙන් කොකේන් කරල් 87ක් ඉවතට

February 15, 2016

කොකේන් මත්ද්‍රව්‍ය අඩංගු කරල් 87ක් ගිල ශ්‍රී ලංකාවට පැමිණි බව කියන කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් කළ වැටලීමකට අනුව ඇය අත්අඩංගුවට ගෙන ඇත.

ඇය වෙනිසියුලානු ජාතික කාන්තාවක් බවත් අදාල කාන්තාවගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරන බවත් වාර්තා වේ.

රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මීගමුව රෝහළට ඇතුළත් කර ඇය ගිල දමා ඇති කොකේන් ගුලි පිටතට ගැනීම  සිදු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සඳහන් කරයි.

Rate this item
(0 votes)