May 04, 2024

පොලිස් ලොක්කන් 4කට ස්ථාන මාරු

February 14, 2016

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි පොලීසිය පවසයි.

සේවයේ අවශ්‍යතා මත ඊයේ (13) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

ඒ අනුව වව්නියාව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එම්.සී.ඩී.කේ.අබේරත්න මහතා ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා ඇත.

පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.සෝමරත්න මහතා වව්නියාව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා ඇත.

ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ඩබ්ලිව්.ඉද්දමල්ගොඩ මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මාරුකර යවා ඇති අතර ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ඒ.ආර්. පුෂ්පකුමාර මහතා ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙස මාරුකර යවා ඇත.

Rate this item
(0 votes)