May 04, 2024

මන්ත්‍රී වීරකුමාරගේ ආරක්ෂකයාගේ තුවක්කුව හදිසියේ පත්තුවෙයි

February 14, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ ආරක්ෂක නිළධාරිවරයා සතුව තිබු මිලිමීටර 09 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලය, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට අනුයුක්තව සේවය කරන කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිළධාරිවරයෙකුගේ අතින් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් ඔහුගේ අතකට සහ පාදයකට තුවාල වී ප්‍රතිකාර සඳහා ඊයේ (13) රාත්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

වම් අතෙහි අල්ලට සහ වම් පාදයට වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ අංක 42/2 ප්‍රීමන් මාවත අනුරාධපුර ලිපිනයේ පදිංචි බී.එම් අමරසිංහ මහතායි. 

අනුරාධපුර ප්‍රීමන් මාවතේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ කාමරයක් තුලදී වෙඩි වැදීම සිදුවී ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය පවසයි. 

 

Rate this item
(0 votes)