May 04, 2024

උතුරේ ආණ්ඩුකාරධූරය රෙජිනෝල්ඩ් කුරේට

February 14, 2016

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා දිවුරුම් දී තිබේ.

අද (14) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඔහු දිවුරුම්දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව රෙජිනෝල්ඩ් කුරේ මහතා ලබන 16 වන දින සිට බලාත්මක වන පරිදි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

1988 වසරේ දී බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිය දේශපාලන ගමන්මග ආරම්භ කළ රෙජිනෝල්ඩ් කුරේ මහතා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ මෙන්ම කැබිනට් අමාත්‍ය ධුරයේ ද කටයුතු කර තිබේ.

මීට අමතරව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ එච්.එම්.ජී.එස්.පලිහක්කාර මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට පසුගියදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඒ අනුව පුරප්පාඩු වු උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා මෙලෙස පත් කර ඇති බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)