May 04, 2024

ඇමති මංගල හා දෙමළ සන්ධානය අතර යාපනයේදී විශේෂ සාකච්ඡාවක් 

February 14, 2016

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය 12 වැනි දා යාපයේදී පැවත්වීය.

යාපනයේ පිහිටි දෙමළ ජාතික සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂයේ එම්.ඒ. සුමන්තිරම් මහතා ඇතුලු තවත් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සමග එම සාකච්ඡාව පැවත්වීය.

උතුරේ වත්මන් තත්ත්වය, නැවත පදිංචි කිරීමේ කටයුතු සහ යුධ සමයේ සිදු වූ බව කියන යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම පිළිබඳ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් එහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබේ.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් විසින් වත්මන් දේශපාලන තත්ත්වය සහ සංහිඳියාව වර්ධනය කිරීම සඳහා ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

වන්නි රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)