May 04, 2024

මන්නාරමේ ගස් යටින් කේරල ගංජා මතුවෙයි (PHOTOS)

February 14, 2016

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිලාවතුර, වංකාලෙයි ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 17 ග්‍රෑම් 640ක් කැලෑවක සඟවා තිබියදී නාවික හමුදාව හා මන්නාරම් සුරාබදු නිලධාරීන් විසින් ඊයේ (13) සොයාගන ඇත.

නාවික හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම සුරාබදු නිලධාරීන් විසින් සිලාවතුර වංකාලෙයි ප්‍රදේශයේ පිහිටි කැලෑවක ගසක් මුල වලදාමා තිබූ අදාල කේරල ගංජා තොගය සොයාගෙන ඇත.

අදාල කේරල ගංජා තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් රැගෙන එන්නට ඇති බවට මන්නාරම් සුරාබදු නිලධාරීන් කියා සිටියහ.

වන්නි - රොමේෂ් මධුෂංඛ

 

Rate this item
(0 votes)