May 01, 2024

බස් රථය පෙරළී සරසවි සිසුන් 22ක් රෝහලේ

February 14, 2016

බණ්ඩාරවෙල හපුතලේ මාර්ගයේ අද (14) අලුයම සිදුවූ අනතුරකින් සබරගමු සරසවි සිසුහු 22ක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කන්ටේනර් රථයක් හා බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. තුවාලකරුවන් බණ්ඩාරවෙල හා දියතලාව රෝහල්වලට මාරු කර යවා තිබේ.

අනතුර සිදුවීමෙන් පසුව කන්ටේනර් රථය හා බස්රිය පාර හරහා පෙරළී තිබේ. කන්ටේනර් රථයේ ගැටුණ බස්රිය මීටර් 100ක් පමණ ඇදී ගොස් තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 14 February 2016 11:12