May 01, 2024

රක්නා ලංකා ගිවිසුම්වල වලංගු භාවය සෙවීමට නීතිපතිට යොමුකරයි

February 14, 2016

රක්නා ලංකා සමාගම පසුගිය සමයේ විවිධ සමාගම් සමග අත්සන් කළ ගිවිසුම්වල නීතිමය වලංගු භාවය පරීක්ෂා කිරීමට නීතිපතිවරයා වෙත යොමු කළ බව කෝප් කමිටුව පවසයි.

කෝප් කමිටුව හමුවට මේ වන විට රාජ්‍ය බැංකුවක් ඇතුළු රාජ්‍ය ආයතන 6 ක් කැඳවා ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේත්ති මහතා සඳහන් කළේය.

තවත් රාජ්‍ය ආයතන 20 ක් කෝප් කමිටුව හමුවට කැඳවීමට සැලසුම් කර ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ, වැඩිහිටින්ට ලබා දෙන රුපියල් 2000 මාසික අධාරයෙන් රුපියල් 100 ක් කපා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිහිටි ලේකම් කාර්යාලයේ නිලධාරීන් ගෙන්වා කරුණු විමසූ බව ය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 February 2016 09:16