May 01, 2024

'තවම අපි කැමති හයිබ්‍රිඩ් යාන්ත්‍රණයටයි' - හුසේන් කුමරු (VIDEO)

මුලදී මෙන්ම තවමත් තම තෝරාගැනීම වන්නේ හයිබ්‍රිඩ් අධිකරණයක් හෝ අන්තර් ජාතික සහයෝගයෙන් යුත් යාන්ත්‍රණයක් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේ ය.

නමුත් ශ්‍රී ලංකා රජය තෝරාගන්නා යාන්ත්‍රණය සෑම පාර්ශවයක්ම පිළිගන්නේ නම් සහ අපක්ෂපාතී එකක් නම් තමන්ට ගැටළුවක් නොමැති බව ද ඔහු අවධාරණය කළේ ය.

වීඩියෝව නැරඹීමට ක්ලික් කරන්න > > > 

ඔහු මේ බව පැවසූවේ රොයිටර් ලෝක පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

තම පාර්ශවය කිසිදු කරුණක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාා රජයට කිසිදු බලපෑමක් නොකරන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

පුළුල් උපදේශණ ක්‍රියාවලියක් හරහා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද නිවැරදි යාන්ත්‍රණයක් තමන් සතුව ඇති බවට ශ්‍රී ලංකා රජයට ඔප්පු කළ හැකි නම් ඒ සඳහා තම සහය නිතැතින් හිමි වන බව ද ඒ මහතා ප්‍රකාශ කර සිටියේ ය.

වීඩියෝව පහතින්.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 22:29