May 03, 2024

අතුරුදන්වූවන් වෙනුවෙන් නොදුටු සහතිකයක් (VIDEO)

සොයාගැනීමට නොහැකි වූ පුද්ගලයන් වෙනුවෙන් ''නුදුටු සහතිකයක්'' ලබාදීමට කටයුතු කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව සඳහන්කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් අතුරුදන් වූ දෙමළ ජනතාවට මරණ සහතික ලබාදීම සම්බන්ධයෙන් ගෙනා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ විවාදයේ අදහස් දක්වමිනි.

අතුරුදහන් වූ අයට මරණ සහතිකයක් නිකුත් කිරීමේ දී ගැටළු ඇතිවන නිසා ලෝකය පිළිගත් ක්‍රමවේදයක් වන මෙම ''නොදුටු සහතිකය'' ලබාදීම මගින් එම තැනැත්තන්ට අයිතිවාසිකම් රැසක් ලැබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය ලැබී තිබෙන නිසා එයට අදාළ කටයුතු කඩිනමින් සිදුකරන බවත් පැවසීය.

පසුගිය භීෂණ සමයේ සහ යුධ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශාල පිරිසක් මරණ සහතික අහිමි වී සිටින නිසා ''නොදුටු සහතිකයක්'' ලබාදීමට යෝජනා වූ බවත් එය මරණ සහතිකයක් නොවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 12:00