May 03, 2024

ශ්‍රීලනිපයේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන ලැජ්ජයි - චන්ද්‍රිකා

February 13, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් තම පක්ෂයේ අතීත අභිමානය හා උරුමය ද නොතකා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

රජය විසින් පසුගිය 09 වැනි දා ඉදිරිපත් කරන ලද පනත පිළිබඳ කාන්තාවක් වශයෙන් තමා සතුටට පත්වන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රටේ කාන්තා විමුක්තිය පිළිබඳ ඉතිහාසයේ අතිශය වැදගත් යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ තිබෙන අවස්ථාවක ඊට ඉහළින් දේශපාලන අවස්ථාවාදය මුදුන්පත් කිරීමට දැරූ උත්සාහය මෙරට කාන්තා පරපුරට කරන ලද නිගාවක් බව ද හිටපු ජනාධිපතිනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

Rate this item
(0 votes)