May 03, 2024

ගලගෙදර සහ තලවකැලේ රක්ෂිත දෙකක ගින්නක්

February 13, 2016

ගලගෙදර, ගල්වැටිකන්ද රක්ෂිත ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබේ.

ගලගෙදර පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති බව වාර්තා වේ.

එම ගින්න හේතුවෙන් අක්කර 03ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බව පොලීසිය සඳහන් කරයි. 

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජීවිත හානි කිසිවක් සිදු වී නොමැත.

මේ අතර තලවකැලේ, දෙමළ මහා විද්‍යාලය අසල කැලෑ ප්‍රදේශයේ ද ගින්නක් හටගෙන ඇති අතර ඉන් අක්කර භාගයක පමණ භූමි ප්‍රදේශයක් විනාශ වී ඇත.

පොලීසිය, ලිඳුල නගරසභාව හා ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇති අතර ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.

ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තලවකැලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Rate this item
(0 votes)