May 03, 2024

පාසල් සිසුන් මත් කළ ෆාමසි 02කට නඩු

February 12, 2016

වැලිමඩ නගරයේ දිගු කාලයක් පුරා පාසල් සිසුන් හා තරුණයන්ට මත්පෙති අලෙවි කළ පුද්ගලික ඔසුසැල් 02 කට නඩු පවරා තිබේ.

අද (12) පස්වරුවේ වැලිමඩ පොලීසිය, බදුල්ල ආහාර පාලකවරුන් සහ උපාය දූතයන් යොදවා මෙම වැටලීම සිදු කර ඇත.

වෛද්‍ය නිර්දේශකින් තොර ව පාසල් සිසුන්ට දිගු කාලයක් මෙම මත් පෙති අලෙවි කළ බවට තොරතුරු අනාවරණ වී තිබේ.

මානසික රෝගීන්ට ලබා දෙන ඖෂධ සහ උඝ්‍ර වේදනා නාශක එලෙස අලෙවි කර ඇති බවත් ඒ පිළිබඳ වැලිමඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් අප වාර්තාකරු සඳහන් කරයි.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක                                                                         

 

Rate this item
(1 Vote)