May 21, 2024

ශ්‍රීලනිපයේ 7ක් නෙරපයි? - මෛත්‍රීගේ තීරණය එළියට

February 12, 2016

පක්ෂය හා නායකත්වය විවේචනය කරන පුද්ගලයින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන ආයතන 7ක සභාපතිවරුන් 7 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ අනූව ඔවුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ද තීරණය කර ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

එසේම පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු ඉල්ලීමකට සහය නොදැක්වීමට ද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද(12) පස්වරුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එහිදී මෙම තීරණය ගෙන තිබේ.

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 February 2016 17:44