May 22, 2024

Dialog සහ Airtel එක්වන ලකුණු

February 12, 2016

ශ්‍රී ලංකාව තුළ සිය ව්‍යාපාර ඒකාබද්ධ කිරීම සඳහා Dialog සහ Airtel සමාගම් සාකච්ඡා පවත්වමින් සිටින බව Economic Times සඟරාව වාර්තා කරයි.

Dialog, මේ වන විට මෙරට තුළ සබඳතා මිලියන 10.5 ක් ව්‍යාප්ත කර ඇති අතර එය සම්පූර්ණ වෙළෙඳපොළෙන් 41% ක හිමිකාරීත්වයකි.

සබඳතා මිලියන 2.3 ක් මේ වන විට ලබා දී ඇති Airtel සමාගම ශ්‍රී ලංකා ජංගම දුරකතන වෙළෙඳපොළේ 9% ක අයිතිය ලබා තිබේ.

සමාගම් දෙක ඒකාබද්ධ වීම හරහා මෙරට වෙළෙඳපොළේ 50% ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට Dialog සමාගමට හැකි වනු ඇති බව පැවසේ.

Rate this item
(0 votes)