May 22, 2024

බන්ධනාගාර ගමට ගෙනයාමේ තීරණයක්

February 12, 2016

නාගරික ප්‍රදේශ ආශ්‍රිතව ඇති බන්ධනාගාර ග්‍රාමීය ප්‍රදේශ කරා රැගෙන යෑමට නියමිත බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය සඳහන් කරයි.

අමාත්‍යංශ ලේකම් වී. ශිවඥානසොර්ති මහතා සඳහන් කළේ නගරබදව පිහිටා ඇති බන්ධනාගාර ග්‍රාමීය ප්‍රදේශවලට රැගෙන ගොස් එම බන්ධනාගාර එළිමහන් සිර කඳවුරු බවට පත් කරන බවත් එහිදී වැරදිකරුවා නැවත එම වැරද්ද නොකරන මනුෂ්‍යයෙක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් ය.

ඒ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වූ ලේකම්වරයා එම බන්ධනාගාරවලදී සෞඛ්‍ය, සනීපාරක්ෂාව සහ පෝෂණ තත්ත්වය වැඩි කිරීමට ද අමාත්‍යංශය බලාපොරොත්තු වන බව ද  එහිදී රැඳෙවියන්ට එක් කාමරයක සිර වී සිටීමට අවශ්‍ය නොවන බව ද ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)