May 21, 2024

බොරතෙල් මිල තවදුරටත් පහළට

February 12, 2016

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඇමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල වාර්තා වන්නේ අමෙරිකානු ඩොලර් 26.21ක් ලෙසය.

මෙය පසුගිය සතියට සාපේක්ෂව 5%ක පහළ යාමක් බවත් 2003 වසරෙන් පසු බොරතෙල් බැරලයක් සඳහා වාර්තා වූ අවම මිල මෙය බවත් විදෙස් මාධ්‍යය සඳහන් කරයි. 

ඉරානය සහ ඉරාකය යන රටවල සම්බාදක ඉවත් කිරීමෙන් පසු ඉරානය තම දෛනික බොර තෙල් නිෂ්පාදනය බැරල් අසූදහසේ සිට ලක්ෂ 3 දක්වා ද ඉරාකය තම දෛනික බොරතෙල් නිෂ්පාදනය බැරල් මිලියන 4.35ක් දක්වා ද ඉහළ නංවා ඇති බව ද වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ප‍්‍රකාශකළේ පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 52කටත්, ඩීසල් ලීටරයක් රුපියල් 42කටත් අලෙවි කිරීමට හැකියාවක් ඇති බවය.

නමුත් ඒ පිළිබඳව මෙරට ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු අමාත්‍යාංශය ප්‍රකාශකළේ ඉන්ධන මිල තීරණය කිරීමට මිල සූත‍්‍රයක් හදුන්වා දිය යුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 13:29