May 21, 2024

ඇමැති ආරක්ෂකගේ ඉණේ තිබුණු පිස්තෝලය අතුරුදන්

February 12, 2016

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ඇමැති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල්වරයකුගේ බඳ පටියේ රඳවා තිබූ පිස්තෝලයක් අස්ථානගත වී තිබේ.

පසුගිය 29 වැනි දින පස්වරුවේ අමාත්‍යවරයා සහභාගි වූ වැඩසටහනකට ආරක්ෂාව සපයමින් සිටියදී එම ගිනි අවිය අස්ථානගතව ඇති බව සඳහන් වේ.

ඒ පිළිබඳව කොහුවල පොලිසිය විසින් නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා වෙත කරන ලද කරුණු දැක්වීමක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ අතර ගිනි අවිය භාවිත කළ කොස්තාපල්වරයාගේ ජංගම දුරකතන වාර්තාවක් ලබා ගන්නා ලෙසට ද අධිකරණයෙන් කොහුවල පොලිසියට නියම කර ඇත.

Rate this item
(1 Vote)