May 21, 2024

යාපනය සරසවියේ දෙපිරිසක් අතර ගැටුමක්

February 12, 2016

යාපනය විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් 03ක් තුවාල ලබා රොහල් ගතකළ බව යාපනය කෝපායි පොලීසිය සඳහන් කරයි.

විශ්වවිද්‍යාලයේ කලමණාකරණ පීඨයේ තෙවන වසර සිසුන් හා දෙවන වසර සිසුන් අතර මෙම ගැටුම ඇති වී තිබේ.

එම පීඨයේ ඉගෙනුම ලබන තෙවන වසරේ සිසුන්ගේ දෛනික ක්‍රියාවන් පිරිහී ඇති බව කියමින් සහ එම ක්‍රියාවන් හෙලා දකිමින් දෙවන වසර සිසුන් විසින් විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ අලවා තිබූ පොස්ටර් කිහිපයක් මෙම ගැටුමට හේතුව වී ඇති බව කෝපායි පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම ගැටුමෙන් දෙවන වසරේ සිසුන් තිදෙනෙකු රෝහල් ගත කොට ඇති අතර අදාළ සිසුන්ට පහර දුන් සිසුන් කව්රුන්ද යන්න පිළිබඳව වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරන බව ද අද (12) උදෑසන වන විට පහර කෑ රෝහල් ගත වූ සිසුන් තිදෙනාගෙන් දෙදෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව ද තවත් එක් සිසුවෙකු ප්‍රතිකාර ලබන බව ද කෝපායි පොලීසිය වැඩිදුරටත් සඳහන්කර සිටියේය.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 11:45