May 05, 2024

නවසීලන්ත ඇගමැති දිවයිනට

February 12, 2016

නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් පිලිප් කී මහතා ලබන 23 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

 

ආරංචි මාර්ග වලට අනුව සඳහන් වන්නේ ඔහු සිය සංචාරයේදී වැදගත් සාකච්ඡා වට කිහිපයකට සහ ගිවිසුම් කිහිපයකට එළඹෙනු ඇති බවටයි.

  

මේ පිලිබඳව අදහස් දැක්වූ ශ‍්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ග‍්‍රැහැම් මෝර්ටන් මහතා ප‍්‍රකාශකළේ නවසීලන්ත අග‍්‍රාමාත්‍යවරයාගේ සංචාරය දෙරට අතර ආර්ථික සබඳතා පුළුල් කරගැනීමට විශාල ශක්තියක් වනු ඇති බවත් මෙරට ආයෝජන අවස්ථා සඳහා නවසීලන්තයේ අවධානය වැඩි වශයෙන් යොමු කරනු ඇති බවත් ය.

 

මහකොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ අවස්ථාවේදී වන අතර එහිදී රවී කරුණානායක මහතා සඳහන්කළේ මේ වනවිට ශ‍්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සඳහා ප‍්‍රධාන පෙළේ රටවල් රැසක අවධානය යොමුව ඇති බවයි. 

 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 10:44