May 05, 2024

මහින්ද අලුත් ගමන ආරම්භ කළේ මෙහෙමයි (PHOTOS) 

February 12, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය දේශපාලන සටන පණ ගැන්වීම සඳහා දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් අද (12) පෙරවරුවේ බත්තරමුල්ල ජයන්තිපුර නෙලුම් මාවතේදී විවෘත කළේය.

නව කාර්යාලය මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනය මැද ආරම්භ කරමින් මහින්ද රාජපක්ෂ මහතා වැඩ ආරම්භ කළේය.

හිටපු ජනාධිපතිවරයකුට ලැබෙන වරප්‍රසාද යටතේ මහින්ද රාජපක්ෂ මහතාට නිල නිවෙසක් හෝ කාර්යාලයක් මෙතෙක් ලැබී නොමැත. ඔහුගේ දේශපාලන කටයුතු වෙනුවෙන් නාරාහේන්පිට අභයාරාමය ජනතාව හමුවීමේ මධ්‍යස්ථානයක් ලෙස පසුගිය කාලයේදී යොදා ගෙන තිබූ අතර එම විහාරස්ථානය දේශපාලන කටයුතු සඳහා යොදා ගැනීම අත්හිටුවන ලෙසට නියෝගයක් ලබා දෙන්නැයි අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබීමත් රාජපක්ෂ මහතාට ජනතාව මුණ ගැසීමට ස්ථීර ස්ථානයක් නොමැති වීමත් ඉදිරි දේශපාලන කටයුතු සංවිධානාත්මකව ගෙන යෑමටත් මෙසේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයක් විවෘත කරන බව වාර්තා වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා විශාල පිරිසක් සහභාගී වී සිටියහ. 

 

Rate this item
(0 votes)
Last modified on Friday, 12 February 2016 10:38