May 05, 2024

ගුරුවරිය දණගැස්සූ මන්ත්‍රී එම පාසලේම ප්‍රධාන අමුත්තා වී පැමිණේ (PHOTOS)

February 12, 2016

ඊයේ (11) පැවති ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ක්‍රීඩා උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එම විද්‍යාලයේම ගුරුවරියක දණගැස්වීයැයි චෝදනා ලැබූ හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතා සහභාගීවීම පිළිබඳව ලංකා ගුරු සංගමය තම අප්‍රසාදය පළකරයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියාසිටියේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එම දේශපාලනඥයා ගෙන්වීම ගුරු සංහතියම දණ ගැස්වීමක් හා නිගා කිරීමක් බවය.

ලැබී ඇති ආරංචි මාර්ග වලට අනුව මෙම පාසලේ ක්‍රීඩා උත්සවයට දේශපාලකයකු ලෙස සහභාගී වී ඇත්තේ ඔහු පමණක් වන අතර ඒ අවට පාසල්වල විදුහල්පතිවරුන් තිදෙනකු ද සහභාගී වූ නමුත් දේශපාලකයාගේ පැමිණීමත් සමග ඔවුන් පිටව ගොස් තිබේ.

මේ වනවිට දණ ගස්වනු ලැබූ සුසිලා හේරත් මහත්මිය ස්ථාන මාරු ලැබ වෙනත් පාසලක සේවය කරන බව වාර්තා වේ.

ලංකා ගුරු සංගමය මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලා  සිටින්නේ ගුරුවරිය දණගැස්වූ එම හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ඡායාරූප පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:00