May 05, 2024

යෝෂිතගේ සිරමැදිරිය අසලින් ජංගම දුරකතනයක් හමුවෙයි

February 12, 2016

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු 05දෙනා ලබන 25 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

සී.එස්.එන්. නාලිකාවේ අධ්‍යක්ෂවරුන් වන නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, අෂාන් රවිනාත් ප්‍ර‍නාන්දු හා කවිෂාන් දිසානායක යන මහත්වරුන් යෝෂිත රාජපක්ෂ මහතා සමග ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කළේ ය.

අධිකරණයට කරුණු වාර්තා කළ පොලීසිය කියා සිටියේ, යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු පිරිස රඳවා සිටි මැදිරියට යාබද ස්ථානයක තිබී ජංගම දුරකතනයක් හමු වූ බව යි.

එම දුරකතනය ඔවුන් භාවිත කළ බවට සැක කරන බැවින් වැඩිදුර විමර්ශන සඳහා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය ගැනීමට කළ ඉල්ලීමට අධිකරණය අවසර දුන්නේ ය.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය හමුවේ කියා සිටියේ, ඇප අයදුම් පත් මීට පෙර නඩු දිනයේ ම ගොනු කර ඇති බැවින් මහේස්ත්‍රාත්වරයාගේ තීරණය අපේක්ෂා කරන බව ය.

අධිකරණ කටයුතු විනාඩි කිහිපයකට කල් තැබූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විනාඩි 15කට පසුව සිය තීරණය දැනුම් දුන්නේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, සැකකරුවන් පස් දෙනා 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.

 

Rate this item
(0 votes)