May 05, 2024

මහා පරිමාණ ගබ්සා ජාවාරමක තතු හෙළි වේ

February 11, 2016

හැටන් කොටගල ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසක් විසින් නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන යන බව වාර්තා වේ.

මේ පිළිබඳව සොයා බැලූ කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ජනත් අබේගුණවර්ධන මහතා එම මධ්‍යස්ථාන පවත්වාගෙනයනු ලබන්නන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයාට ලිඛිතව ඉල්ලීමක් ද ඉදිරිපත්කර තිබේ.

රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් වතුකරය ආශ්‍රිතව ජීවත්වන්නන් වෙනුවෙන් ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය වැඩසටහන් පවත්වන මුවාවෙන් අනවශ්‍යය ගැබ් ගැනීම් සඳහා ගබ්සාවන් සිදුකර ගැනීමට කාන්තාවන් පොලඹවන බවත් ඒ සඳහා තමන් වෙත පැමිණෙන ලෙස දුරකථන අංකයන් සඳහන් ප්‍රචාරක පත්‍රිකා ද බෙදාහැර ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා සඳහන් කරයි.

එක් ගබ්සාවක් සිදුකර ගැනීමට රුපියල් 25,000 ක පමණ මුදලක් මෙම ජාවාරම්කරුවන් අයකරගන්නා බව ද පසුගිය වසර කිහිපය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාතෘ මරණ ඉහළ යෑමට හේතුව මෙම මධ්‍යස්ථාන බව ද මේ සම්බන්ධව මීට පෙර පොලීසියට දන්වා සිටියත් නිසි ක්‍රියාමාර්ග ගැනීමක් සිදුනොවූ බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

හැටන් - රංජිත් රාජපක්ෂ

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 15:25