May 05, 2024

විග්නේශ්වරන් බස් එකෙන් යයි (PHOTOS)

February 11, 2016

මුලතිව් මුලංකාවිල්හි බස්නැවතුම්පලක් ඉදිකොට බස් ප්‍රවාහන සේවයක් උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) විවෘත කෙරිණි.

එම ප්‍රදේශයේ සිටින නැවත පදිංචි ජනතාවට බලපෑ ප්‍රධාන ගැටලුවක් වූ මගී ප්‍රවාහන පහසුකම් නොමැතිවීමට පිළියමක් වශයෙන් රුපියල් මිලියන 09ක මුදලක් වැය කරමින් මෙම නව බස් නැවතුම්පල ඉදිකොට තිබේ.

නව බස්නැවතුම්පල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ උතුරු පලාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේ ඉදිරියේදී නැවත පදිංචි ගම්මානයන්හි ජනතාවගේ ප්‍රවාහන ගැටලුවලට උතුරු පලාත් සභාව හරහා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බවයි.

නව බස් ප්‍රවාහන සේවය ආරම්භ කරමින් උතුරු මහ ඇමතිවරයා සමඟ උතුරු පලාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිස ද උතුරු පලත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද බස් රථයකින් නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

ඡායාරූප පහතින්

 

රොමේෂ් මධුෂංDisplaying 02.jpgDisplaying 02.jpgඛ - වන්නි 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:01