May 05, 2024

වැද්දන් රෝගී වීමේ හේතුව වැදි නායක හෙළි කරයි (VIDEO)

තම ජනතාව අතර වකුගඩු රෝග, පිළිකා, අධික රුධිර පීඩනය, හන්දි ඉදිමීම, ස්නායු  ආබාධ ඇතුළු විවිධ ලෙඩ රෝග අධික ලෙස පැතිරී යන බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රකාශ කරයි.  

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ තම වරිගයේ ඇත්තන්ගේ පාරම්පරික උරුමයක් වු වනය ඔවුන්ට තහනම් කිරිම නිසා බාහිර ලෝකයේ ආහාර රටාවටන්ට හා විවිධ ක්‍රියකාරම්වලට ඔවුන් ඇබ්බැහි වී තිබීමයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > >

මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිල ඇත්තන් කියාසිටියේ වර්තමානය වනවිට මිනිසුන් පානය කරන වතුර වල පවා විෂ අඩංගුවන බවත් ඒවා පිරිසිදු කිරීමට යොදන්නේ ද විවිධ විෂ වර්ග බවත් ය. 

තම සාමාජිකයින් ද මෙම නවීන ආහාර රටාවන්ට පුරුදු වීම නිසා ඔවුන් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වන බව කී ඔහු එමනිසා තම ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වා ප්‍රතිකාර ලබාදෙන්නැයි සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ලිඛිතව ඉල්ලාසිටි බව ද ප්‍රකාශ කළේ ය.

එයට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබුනේ තමන් මෙම ඉල්ලීම කෙරෙහි විශේෂ අවධානය යොමුකළ බවත් අදාළ විශේෂඥ වෛද්‍ය සායනය ලබන මස මාර්තු 13 වැනිදා පැවැත්වීමට උපදෙස්දුන් බවත් ය.

ආදිවාසි නායකයා වැඩිදුරටත් අවධාරණය කරමින් කියාසිටියේ තම වරිගේ සාමාජිකයින්ගේ පාරම්පරික ජීවන රටාව අනුව ජීවත්වීම සඳහා වනයේ නිදහස් අයිතිය ඔවුන්ට ලබාදියයුතු බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීම ස්ථීර විසඳුමක් නොවන බවත් ය.

වීඩියෝව පහතින්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:02