May 17, 2024

ජනපති ඉදිරියේ නව නීතිපති දිවුරුම් දෙයි

February 11, 2016

නව නීතිපතිවරයා වශයෙන් ජයන්ත ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දී ය.

ශ්‍රී ලංකාවේ 29 වැනි නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට ඊයේ (10) ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේය.

මෙයට පෙර එම තනතුරේ සිටි යුවන්ජන් විජේතිලක මහතා පසුගිය ජනවාරියේ දී විශ්‍රාම ගිය පසු එම තනතුරේ වැඩ බැලුවේ සුහද ගම්ලත් මහතා විසිනි.

Rate this item
(1 Vote)