May 17, 2024

ගුවන්යානා 03ක් හදිස්සියේ මත්තලට ගොඩ බස්වයි

February 11, 2016

අයහපත් කාලගුණ තත්වයක් හේතුවෙන් අද (11) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ළඟාවීමට නියමිත ව තිබූ ගුවන් යානා 03 ක් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොලට හරවා යවා තිබේ.

අද අලුයම 05.20 ට ඩුබායි සිට පැමිණි ෆලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඩ් 551 දරණ ගුවන් යානය අලුයම 05.48ට ද, 05.50 ට බෙයිජින් සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 869 පෙරවරු 06.03 ට ද, දෝහා සිට පැමිණි යූ.එල් 218 දරණ ගුවන් යානය පෙරවරු 06.03 ට ද මත්තලට ගොඩ බස්වා ඇත.

ටී.කේ.ජී. කපිල 

 

Rate this item
(0 votes)