May 17, 2024

දිස්ත්‍රික්ක 07 කට ඩෙංගු අධි අවධානමක් ප්‍රකාශයට

February 11, 2016

මෙම වසරේ ජනවාරි මාසය වනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර මේ වනවිට ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 07 ක් හඳුනාගෙන තිබේ.

එම දිස්ත‍්‍රික්ක 07ක කේන්ද්‍ර කරගනිමින් තෙදින මදුරු මර්ධන වැඩසටහනක් අද (11) ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකළේ මෙම ව්‍යාපෘතිය කෑගල්ල, යාපනය, වව්නියාව, පුත්තලම, මඩකලපුව, කුරුණෑගල සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක ආශ‍්‍රිතව ක‍්‍රියාත්මක කරන බවත් එයට අමතරව බස්නාහිර පළාත ආශ‍්‍රිතව ද මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වන බවත් ය.

2015 වසරේදී ඩෙංගු රෝගීන් 29,000 ක් වාර්තා වූ අතර ඉන් සිදුවූ මරණ සංඛ්‍යාව 56 කි.

2016 වසරේ ජනවාරි මාසයේදී පමණක් මරණ 08 ක් සිදුවී ඇති අතර රෝගීන් 50,000 ක් වාර්තා වී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ කීට විද්‍යා සමීක්ෂණවලට අනුව මෙරට පාසල්වලින් 34% ක ද ගොඩනැගිලි ඉදි කිරීම් ස්ථානවලින් 36% ක ද ආගමික ස්ථානවලින් 40% ක ද මදුරු කීටයන් බෝවන බව කීට විද්‍යා සමීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බවය. 

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 February 2016 09:31