May 17, 2024

SBගේ ආයතන 3ක් රන්ජන්ට පවරයි

February 11, 2016

සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ පැවැති ආයතන තුනක සියලු කටයුතු නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතාට පැවරීමට අමාත්‍ය එස්‌. බී. දිසානායක මහතා තීරණය කර තිබේ.

මෙසේ පවරා ඇත්තේ ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ ආරක්‍ෂණ මණ්‌ඩලය සහ ග්‍රාම සංවර්ධන, අභ්‍යාස හා පුහුණු පර්යේෂණ ආයතනය යි.

මෙම ආයතන පැවරීමට අදාළ ගැසට්‌ නිවේදනය ද නිකුත් කර තිබෙන අතර මෙම ආයතන තුනට අදාළ විෂයයන් ද නියෝජ්‍ය ඇමැතිවරයාට පැවරෙනු ඇත. 

Rate this item
(0 votes)