May 19, 2024

දෙවැනි විස්සයි20 තරගය සජීවී විකාශයට සූදානම් 

February 10, 2016

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි හා තෙවැනි විස්සයි20 තරග දෙක ජාතික රූපවාහිනීය ඔස්සේ විකාශය කිරිමට නියමිත බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පළමු තරගය සජීව විකාශය කිරිම නොකිරීම හේතුවෙන් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගෙන් පැමිණිලි ලැබුණ බවත් එම ගැටලුව අදාළ නිළධාරීන් සමග සාකච්ඡා කර විසදාගත හැකි වූ බවත් අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කරමින් ප්‍රකාශ කර තිබේ.

දේශීය නාලිකා විසින් එම තරගය විකාශය නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු පන්දුවාර විස්සයි 20 තරගය මෙරට බොහෝදෙනෙකුට දැක ගැනීමේ හැකියාව නොලැබිණි.

මෙම තරගය විකාශය නොකිරීමට හේතුවී ඇත්තේ අනුග්‍රාහකත්වයක් නොමැති වීම බව වාර්තා වේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 17:30