May 19, 2024

නීතිපති තේරීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි

February 10, 2016

නව නීතිපතිවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අද (10) රැස්වීමට නියමිත ව තිබේ.

අද පස්වරු 04.00ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිත බව වාර්තා වේ. 

නීතිපතිවරයා තෝරා ගැනීම සඳහා ඊට අදාළ නම් තුනක් යෝජනා කර තිබේ.

මේ වනවිට වැඩ බලන නීතිපතිවරයා ලෙස කටයුතු කරන සුහද ගම්ලත් මහතාට අමතර ව ජයන්ත ජයසූරිය සහ කපිල වෛද්‍යරත්න යන මහත්වරුන්ගේ නම් ද යෝජනා වී ඇති බව වාර්තා වේ. 

කෙසේ වුව ද ව්‍යවස්ථාදායක සභාව සඳහා නීතිපති පත් කිරීමට අදාළව නම් 03 ක් යෝජනා කිරීම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුකූළ නොවන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 February 2016 10:33