May 19, 2024

වසර 2කට පසු පොලීසියෙන් යුක්තිය ඉටුවේ (VIDEO)

කොටුව දුම්රිය ස්ථානයේ විරෝධතාවක් විසුරුවා හරින අවස්ථාවකදී පොලිස් පහරදීමකට ලක්වූ මගියෙකුට රුපියල් 50,000 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය පොලීසියට නියෝගකර තිබේ.

කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය ඊයේ (09) එම නියෝගය නිකුත් කළාය.

2014 අප්‍රේල් මස  22 වැනි දා පොලිස් පහර දීමෙන්  හිස තුවාල වී  ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබු බව පහරකෑමට ලක්වූ දුමින්ද හපුආරච්චි මහතා පැවරූ පැමිණිල්ලේ සඳහන් වී තිබූ අතර නඩුව පවරා තිබුනේ පොලිස්පතිට සහ නීතිපතිවරයාට එරෙහිව ය.

එදින පැවති විරෝධතාවයට තමාගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත්, නිවසට යාමට දුම්රියපොළට ගිය තමාට පොලීසිය පහරදී තුවාල සිදුකල බවත් පැමිණිලිකරු අධිකරණයට දැනුම් දී තිබිණ.

ඒ අනුව  දිසා විනිසුරුවරිය රුපියල් 50 000ක වන්දි මුදලක් අදාළ තැනැත්තාට ලබාදෙන ලෙස නියෝග කළාය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 15 March 2016 13:00