May 19, 2024

'ෆොන්සේකාගේ මන්ත්‍රී ධූරය එජාපයට බලපෑමක්'‌ - මහින්දගෙන් හෙළිදරව්වක්  

February 10, 2016

සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට සම්බන්ධ කර ගැනීම ප්‍රශ්නයක්‌ බවත් එම ධුරය ලබාදීමට තවත් ඕනෑතරම් සුදුස්‌සන් සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පවසයි.

ෆොන්සේකාට මන්ත්‍රී ධුරය ලබාදීම නිසා ඉදිරියේදී වැඩිපුර බලපෑමක්‌ එල්ලවන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයට බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඇතැම් විට එජාපයේම කිසිවෙකු ඊට විරුද්ධව නැඟී සිටියහොත් මන්ත්‍රී ධුරය සම්බන්ධව නීතිමය ප්‍රශ්නයක්‌ මතුවීමට ඉඩ තිබෙන බවද පැවසී ය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඊයේ (09) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගිය 08 වැනිදා තීරණය කළේය.

(දිවයින)

Rate this item
(0 votes)