May 19, 2024

උපාලි කොඩිකාර රනිල් ගැන කී කතාවෙන් රැස්වීම උණුසුම් වෙයි

February 10, 2016

එජනිස මන්ත‍්‍රී හා හිටපු ඇමති උපාලි කොඩිකාර මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වූයේ යැයි විරෝධය පා බස්නාහිර පළාත් සභා විපක්‍ෂ ප‍්‍රධාන සංවිධායක යූ. ජෝර්ජ් පෙරේරා මහතා මේසය මතට නැගීමට ගත් උත්සාහය මුලසුනෙහි සිටි නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා විසින් වළක්වා තිබේ.

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි කඩිනමින් පැවැත්විය යුතු බවට සන්ධාන මන්ත‍්‍රී මෙරිල් පෙරේරා මහතා සභා රීති අත්හිටුවමින් ගෙන ආ යෝජනාවක් ඊයේ (09) දී විවාදයට ගැනිණි.

උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයා අග‍්‍රාමාත්‍යවරයාගේ නම සඳහන් කරමින් අදහස් දැක් වූ අතර එහි දී අගමැතිවරයාට අපහාස වූ බව කියමින් ජෝර්ජ් පෙරේරා මහතා කොඩිකාර මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයට බාධා කළේය.

කොඩිකාර මන්ත‍්‍රීවරයා එම ප‍්‍රකාශය ඉල්ලා අස්කර නොගතහොත් තමන් එයට විරෝධය පා මේසය මතට නඟින බව කී විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මේසය මතට නැගීමට උත්සාහ කළේය. 

සභාවේ මුලසුනෙහි සිටි යසපාල කෝරළගේ මහතා උපාලි කොඩිකාර මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන බව පැවසී ය. 

ප‍්‍රකාශය ඉල්ලා අස්කරගන්නා ලෙස මන්ත‍්‍රී දැනුම් දීමක් ද කළේය.

Rate this item
(0 votes)