May 19, 2024

ඇප ලැබූ සැණින් ඥාණසාර හිමි යළි රිමාන්ඩ්

February 09, 2016

උසාවියට අපහාස කිරීමේ චෝදනාව මත ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොණුකර ඇති නඩුවෙන් අද දින (09) උන්වහන්සේට ඇප හිමි වූ නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමි හෙට (10) දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ ය.

ඥානසාර හිමිට ඇප දිය හැකිදැයි හෙට දින සළකා බලන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 February 2016 01:21