May 06, 2024

ෆොන්සේකා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි

February 09, 2016

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අභාවප්‍රාප්ත එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන මහතාගෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු අසුන වෙනුවෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ(08) තීරණය කළේය.

ඒ අනුව අද (09) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

Rate this item
(0 votes)