May 06, 2024

සිසිලියා කොතලාවල යළි රිමාන්ඩ්

February 09, 2016

පොලිස් අත්අඩංගුවේ සිටි සිසිලියා කොතලාවල මහත්මිය ලබන 23 වන දා දක්වා බන්ධනාගාර ගතකර තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (09) නියෝග කළ බව වාර්තා වේ.

අධිකරණයට ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතාගේ බිරිද වන සිසිලියා කොතලාවල මහත්මිය ගෝල්ඩන් කී ක්‍රෙඩිඩ්කාඩ් සමාගමේ තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් බිලියන 05 කට ආසන්න ප්‍රමාණයක් වංචා කළ බවට ලද චෝදනා වලට පවරා තිබූ නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු 09ක් නිකුත් කර තිබූ අතර ඇය පසුගිය 04 වනදා කටුනායක ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට ගැනුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 12:58