May 06, 2024

අපරාධයෙන් වසර 27කට පසු පුද්ගලයින් 07කට මරණ දඬුවම

February 09, 2016

මෙයට වසර 27කට පමණ පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් හත් දෙනෙකුට තංගල්ල පළාත්බද මහාධිකරණය ඊයේ (08) මරණ දඬුවම පැනවු බව වාර්තා වේ.

පසුගිය 1989 භීෂණ සමයේ දී සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල්.එම් අන්ද්‍රියන්හාමි නමැති පුද්ගලයා පැහැරගෙන ගොස් වෙඩි තබා මරා දැමීමට සැකපිට පුද්ගලයින් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් දෙදෙනෙකු මියගොස් සිටි නිසා ඉතිරි පිරිසට එරෙහිව මෙම ඝාතන නඩුව විභාග වී තිබේ.

තංගල්ල මහාධිකරණ විනිසුරුවරිය වන සුජාතා අලහප්පෙරුම මහත්මිය විසින් මෙලෙස මරණ දඩුවම නියම කර ඇත්තේ රතුබදුගේ විල්සන්ආර් එන් ප්‍රියන්තඩබ්ලිව් එච්. විමලසේනඩබ්ලිව් එච්. ප්‍රදීප් ප්‍රියන්තජී. එච් ප්‍රදීප් ප්‍රියන්තඒ.ජී රාහුල සහ එල්.එම් සරත් යන අයට වන අතර අධිකරණය මගහැර සිටින රාහුල සහ සරත් නමැත්තන් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Rate this item
(0 votes)