May 19, 2024

සෙයිද් කුමරු අද ජනපති, අගමැති හමුවෙයි

February 09, 2016

සිව්දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අද (09) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මානව හිමිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙන්ම ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට අනුව ක්‍රියාත්මක කිරීමට යෝජිත දේශීය යාන්ත්‍රණය පිළිබඳ එහි දී විශේෂ අවධානය යොමු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින සෙයිද් අල් හුසෙන් කුමරු මේ දක්වා සිදු කළ සාකච්ඡාවලින් සහ එක් එක් ප්‍රදේශයන්හි සිදුකළ සංචාරවල දී ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය නිරීක්ෂණය කළ අතර ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බවට මහ කොමසාරිස්වරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබේ.

සිය සංචාරය සාර්ථක ව අවසන් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හෙට (10) ශ්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිතයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 09:27