May 19, 2024

'කුමාරයාගේ ගමනට අපි විරුද්ධයි' - ඒකාබද්ධ විපක්ෂයෙන් UN කාර්යාලයට ලිපියක් (VIDEO) 

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයට ඊයේ (08) ලිපියක් භාර දී තිබේ.

එහි රටේ අභ්‍යන්තර කටයුතු කෙරෙහි යුක්ති සහගත සහ සාධාරණ නොවන ආකාරයට සිදු කරන මැදිහත්වීම් හෙළා දකින බව ඇතුළු කරුණු 8ක් ඇතුළත් බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් ලිපිය භාරදීමේ අවස්ථාවට සහභාගී වී තිබේ.

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටිය ද ඒකාබද්ධ විපක්ෂයට මෙතෙක් එම අවස්ථාව හිමිව නොමැති බව වාර්තා වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 09:42