May 19, 2024

මාලඹේ රෝහල රජයට පවරා ගන්නැයි හිමිකරුගෙන් ඉල්ලීමක්

February 09, 2016

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නැයි එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 

ජනාධිපතිවරයා එම යෝජනාව මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර තිබේ.

මාලඹේ අවට ජනතාවගේ ඉල්ලීම පරිදි ඔවුන්ට නොමි‍ලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

නේවාසික රෝගීන්ට නොමි‍ලේ ප්‍රතිකාර කිරීමටත්, බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගෙන් සියයට පනහක ගාස්තුවක් පමණක් අය කිරීමටත් මේ වනවිට තීරණය කර ඇත.

එහෙත් ඉදිරියේදී ජනතා අදහස් විමසා බාහිර රෝගී අංශයද  සම්පූර්ණයෙන්ම මහජනතාවට නොමි‍ලේ වෛද්‍ය පහසුකම් දීමට යොදා ගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම පැවසීය. 

මේ වනවිට රජයේ රෝහල්වල ශල්‍යකර්ම කරගැනීමට ‍පොරොත්තු ‍ලේඛනයේ රැඳී සිටින රෝගීන්ට මෙම රෝහල වෙත පැමිණ ශල්‍යකර්ම නොමි‍ලේ කරගැනීමට හැකියාවක් පවතිනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Rate this item
(0 votes)