May 19, 2024

අගමැතිගෙන් කෙලින් ම ප්‍රශ්න කිරීමේ අවස්ථාවක්

February 09, 2016

ආණ්ඩු පක්ෂයේ පසු පෙළ හෝ විපක්ෂයේ හෝ ඕනෑම පසුපෙළ මන්ත්‍රීවරයෙකුට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාර්ලිමෙන්තුවේ දී කෙලින් ම ප්‍රශ්න ඇසීමට හෙට (10) අවස්ථාව ලබාදෙනු ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු ආරම්භයේ දී පැය භාගයක කාලයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෙලින් ම මන්ත්‍රීවරුන්ට ප්‍රශ්න යොමු කළ හැකි වේ.

බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මකවන ආකාරයට ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍යවරයාගෙන් සෘජුව ම ප්‍රශ්න කිරීමේ අවස්ථාව මෙරට පාර්ලිමේන්තුවේ දී ලැබෙන ප්‍රථම අවස්ථාව මෙය වේ.

 

Rate this item
(0 votes)