May 19, 2024

දේශපාලන බලය ගෙන සිදු කරන මහා පරිමාණ වැලි ජාවාරමේ හෙළිදරව්ව (VIDEO) 

මහියංගනය හා විල්ගමුව අතර ගලා බසින මහවැලි ගගේ මාතලේ විල්ගමුව ප්‍රදේශයේදී දිනපතා සිදුකරන මහා පරිමාණ නීති විරෝධී වැලි ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

මෙම ජාවාරම්කරුවන් ට්‍රැක්ටර් රථ 350ක් පමණ ගගට දමා වැලි පුරවන අතර මෙහි ගමන් කිරීම ඉතාම අනතුරුදායක බව වාර්තා වේ. 

දිනපතාම බලපත්‍ර උල්ලංඝණය කරමින් වැලි කැනීම් සිදුකරන්නේ දේශපාලන බලය මෙන්ම නිලධාරින් සතුටු කරමින් බව ජනතාව පවසති. මෙම ජාවාරම පිළිබදව විරුද්ධව ක්‍රියා කරන පුද්ගලයින්ට රජයේ නිලධාරීන්ගෙන් මෙන්ම ජාවාරම්කරුවන්ගෙන්ද බලපෑම් එල්ල වන බව වාර්තා වේ.

මේ ජාවාරම පිළිබදව විල්ගමුව ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්ප්‍රිය මහතාගෙන් විමසීමේදී සඳහන් කළේ තමන් සිදු කරනුයේ තොටුපල අවසර පත්‍රය ලබා දීම බවත් පොලිසිය අත්අඩංගුවට ගැනීම් කලයුතු බවත්ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

 

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 17:36