May 19, 2024

ව්‍යාපාරික කතකට එංගලන්ත මහ කොමසාරිස් ධූරය

February 08, 2016

වසර දෙකක කාලයක් හිස්ව පැවති බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුර සඳහා ස්වදේශ සමාගමේ සභාපතිනිය වන අමරී විජයවර්ධන මහත්මිය යෝජනා කර තිබේ.

උසස් නිළතල පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවට රජය ඇයගේ නම ඉදිරිපත් කර ඇති අතර එහිදී ඇයට අනුමැතිය ලැබුණහොත් අමරී විජේවර්ධන මහත්මිය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් තනතුරට පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව සිටි වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා 2014 වසරේදී එම ධුරයෙන් ඉවත්වීමත් සමඟ මෙම ධුරය හිස්ව පැවතුණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 16:40