May 19, 2024

සෝභිත හිමියන්ගේ තෙමස් පූර්ණ පිංකම (PHOTOS)

February 08, 2016

අපවත් වී වදාල සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ට  පිං පැමිණිවීමේ තෙමස් පූර්ණ පිංකම ඊයේ (07) කෝට්ටේ ශ්‍රී නාගවිහාරස්ථානයේ දී පැවැත් විය.

එහි දී සියක් නමකට අධික මහා සංඝරත්නයට සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම ඇතුළු පිංකම් රැසක් සිදු කර තිබේ.

අස්ගිරි මහා නාහිමි පූජ්‍ය ගලගම අත්තදස්සී මහා නායක හිමියෝ, මල්වතු පාර්ශවයේ අනු නායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමියෝ, ශ්‍රී ලංකා  අමරපුර නිකායේ මහා නායක පූජ්‍ය අග්‍ගමහා පණ්ඩිත දවුල්දෙන ඥාණීස්සර මහා නාහිමියෝ, ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා  සංඝසභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානායකහිමියෝ ඇතුළු නායක ස්වාමින් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට වැඩම කර ඇත.

කථානායක කරු ජයසුරිය මහතා ප්‍රමුඛ විශාල  ගිහි පිරිසක් ද මෙම සඳහා සහභාගී වී තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 16:17