May 19, 2024

සෞඛ්‍ය ඇමති ධූරය සුමිත් ලාල්ට

February 08, 2016

බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂණ සේවා, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යවරයා ලෙස පළාත් සභා මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා පත් කර තිබේ.

ඒ මහතා අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමෙන් අනතුරුව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය. 

සුමිත් ලාල් මෙන්ඩිස් මහතා 1999 සිට අඛණ්ඩව බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙකි.

ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ද වෙයි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන් මහතා සහ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ද දිවුරුම් දීමේ අවස්ථාවට සහභාගී විය.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 23:20