May 19, 2024

ෆොන්සේකා ගැන එජාප තීරණය අද - ඇමති විඡේදාසගෙන් විරෝධයක්

February 08, 2016

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට එජාප ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රි ධුරයක්‌ ලබාදීම පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී තීරණයක්‌ ගැනීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වී තිබේ.

පසුගියදා එජාප අමාත්‍යවරුන් හා අගමැතිවරයා අතර පැවැති සාකච්ඡාවකදී සරත් ෆොන්සේකා මහතාට එජාප ජාතික ලැයිස්‌තු මන්ත්‍රි ධුරයක්‌ ලබා දීම නීති විරෝධී බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විඡේදාස රාජපක්‍ෂ මහතා විසින් පෙන්වා දෙයි.

වෙනත් පක්‍ෂයකින් ඡන්දය ඉල්ලා පරාජය වූ අපේක්‍ෂකයකුට එජාප ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රි ධුරයක්‌ ලබා දීම නීති විරෝධී බව විඡේදාස රාජපක්‍ෂ මහතා පෙන්වා දී තිබේ.

මීට පෙර මෙවැනිම සිද්ධියකදී සමරවීර වීරවන්නි මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකින් ද ඒ බව පැහැදිලි වන බව විඡේදාස රාජපක්‍ෂ මහතා විසින් පෙන්වා දී ඇත.

මේ අනුව සරත් ෆොන්සේකා මහතාට එජාප ජාතික ලැයිස්‌තු මන්ත්‍රි ධුරයක්‌ ලබාදීම පිළිබඳව එජාප කෘත්‍යාධිකාරි මණ්‌ඩලයේදී තීරණයක්‌ ගැනීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 14:16