May 19, 2024

හෙළ උරුමයේ ඇමතිකම ෆොන්සේකාගේ පක්ෂයට?

February 08, 2016

බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස, ළමාරක්ෂණ සහ කාන්තා කටයුතු අමාත්‍ය ධූරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබීමේ ඉඩකඩක් ඇතැයි වාර්තාවේ.

මෙම අමාත්‍යධූරය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ලැබුණහොත් ඒ වෙනුවට අරුණ දීපාල් මන්ත්‍රීවරයාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අමාත්‍යධූරය දරූ බස්නාහිර පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුභසාධන, පරිවාස, ළමාරක්ෂණ සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පරාජය වීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් 29 වැනිදා එම අමාත්‍යධූරය ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් පවරා ගනු ලැබිණි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 13:40