May 19, 2024

නව ඩිජිටල් හැඳුනුම්පත ලබන මාසයේ දී

February 08, 2016

ලබන මාර්තු මාසයේ දී හෝ අප්‍රේල් මාසයේ දී නව ඩිජිටල් ජාතික හැඳුනුම්පත හඳුන්වාදීමට හැකි බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය එස් බී නාවින්න මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව හැඳුනුම්පත් ඡායාරූප නියාමනය කිරීමේ යෝජනාව ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය එස් බී නාවින්න මහතා වැඩිදුරටත් සඳහන්කළේ නව ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ලබා ගන්නා ආයතන ලියාපදිංචි වියයුතු බවයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2016 11:35